දතක් දැඩි ලෙස කැක්කුමට ලක් වූ විට එය ගලවා දැමිය යුතු යැයි සිතුවද, දතේ ඇතුළත ස්නායු හා රුධිර නාල අඩංගු පල්ප් (Pulp) කොටස ආසාදනය වී ඇති අවස්ථාවල Root Canal Treatment මඟින් ස්වාභාවික දත රැකගත හැකිය. මෙහිදී ආසාදිත පල්ප් කොටස ඉවත් කර, ඇතුළත පිරිසිදු කර Seal කිරීම සිදු කරයි.

Root Canal අවශ්‍ය විය හැකි ලක්ෂණ:
• දැඩි හෝ දිගුකාලීන දත් කැක්කුම
• උණුසුම් හෝ සීතල දේවලට දැඩි සංවේදීතාව
• ਹපන විට වේදනාව
• දතේ වර්ණය වෙනස් වීම
• දත වටා ඉදිමීම හෝ දතේ ආසාදනයක්

ප්‍රතිකාරයෙන් පසු දතේ ව්‍යුහය අනුව Filling එකක් හෝ Dental Crown එකක් අවශ්‍ය වේ. නිවැරදි Diagnosis එකකින් පසු සම්පූර්ණ ප්‍රතිකාර සැලැස්ම වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

නිතර අසන ප්‍රශ්න (FAQ):

Root Canal කළ දතක් නැවත භාවිත කළ හැකිද? සුදුසු ලෙස ප්‍රතිකාර කර ප්‍රතිස්ථාපනය කළ දතක් සාමාන්‍ය කාර්යයට නැවත භාවිත කළ හැකිය.

දත් කැක්කුම අඩු වුණාම Root Canal අවශ්‍ය නැද්ද? වේදනාව අඩුවීමෙන් ආසාදනය සුව වූ බව අදහස් නොවන බැවින් පරීක්ෂාවක් අත්‍යවශ්‍ය වේ.